නිව්ස්:
අලුත් අවුරුදු සමයේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.
ඔහු පෙන්වා දෙන්නේ දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් දරුවන්ට හදිසි අනතුරු වැඩි වශයෙන් සිදුවන බවයි. විශේෂයෙන් ගිනිකෙළි භාවිතය සහ මත්පැන් පානය කළ වැඩිහිටියන් සමඟ ගමන් කිරීමෙන් අනතුරු වැඩිවන බවද සඳහන් කරයි.
එමෙන්ම දරුවන් දුරකතන භාවිතයෙන් ඉවත්ව සාම්ප්‍රදායික ක්‍රීඩා වලට යොමු කිරීමත්, කැවුම්, කිරිබත් සහ දේශීය පලතුරු වැනි ආහාර හඳුන්වා දීමත් වැදගත් බවද වෛද්‍යවරයා අවධාරණය කළේය.




