අප්‍රේල් 04 සිට 10 දක්වා වූ පසුගිය සතිය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන්නේ, එම අනතුරු අතරින් බොහෝ සංඛ්‍යාවක් මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය ධාවනය කිරීම නිසා සිදුව ඇති බවයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, අනතුරුදායක ලෙස රිය ධාවනය කරන රියදුරන් පිළිබඳ පොලිසියට දැනුම් දීමට මහජනතාවගේ සහයෝගය අවශ්‍ය බවත් ඉල්ලා සිටියේය.




