අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් සිසුන් සහ ගුරුවරුන් 345 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
පසුගිය පෙබරවාරි 28 වනදා සිට ආරම්භ වූ මෙම ප්‍රහාර මාලාව තුළින් මෙම මරණ වාර්තා වී ඇති බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව මියගිය අය අතර සිසුන් 278 දෙනෙකු ඇතුළත් වන බව ද සඳහන් වේ. තවද, සිසුන් 196 දෙනෙකු සහ අධ්‍යාපන කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම ප්‍රහාර හේතුවෙන් පාසල් 933ක්, සංස්කෘතික මධ්‍යස්ථාන 17ක්, ක්‍රීඩා ශාලා 36ක් සහ ශිෂ්‍ය කඳවුරු 08ක් විනාශයට පත්ව ඇති බව ද ඉරාන අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.




