WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

අමෙරිකා–ඉරාන සාකච්ඡා යළි ඇරඹීමට පකිස්ථානයේ මැදිහත්වීම

I
Ishanka Jayasuriya
April 15, 2026 · 1 min read
259 viewsf𝕏W
 අමෙරිකා–ඉරාන සාකච්ඡා යළි ඇරඹීමට පකිස්ථානයේ මැදිහත්වීම

අමෙරිකාව සහ ඉරානය අතර නතරවූ සාකච්ඡා යළි ආරම්භ කිරීමේ උත්සාහයක් ලෙස පකිස්ථාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ඉරානය වෙත පැමිණ තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ඉරාන බලධාරීන් සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීම සඳහා ඔහු ඇතුළු විශේෂ දූත පිරිසක් අද (15) ටෙහෙරානයට පැමිණ ඇත.
මෙම සංචාරය දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික ගැටලු විසඳීම සඳහා පකිස්ථානය මැදිහත්කරුවෙකු ලෙස ඉටුකරන භූමිකාවේ වැදගත් පියවරක් ලෙස සැලකේ.
පසුගියදා ඉස්ලාමාබාද් නුවරදී පැවැති සාකච්ඡාවල අඛණ්ඩයක් ලෙස මෙම හමුව සිදුවන අතර, ඉදිරි දින කිහිපය තුළ අමෙරිකානු සහ ඉරාන නියෝජිත කණ්ඩායම් යළිත් පකිස්ථානයේදී සාකච්ඡා සඳහා එක්වීමට ඉඩ ඇති බව ද වාර්තා වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
චීනය ඉරානයට අවි නොදීමට එකඟයි – ට්‍රම්ප් කියයි
Next
තුර්කි පාසලක වෙඩි තැබීමෙන් 9ක් මරුට – තවත් පිරිසක් තුවාලයි

More in World