තුර්කියේ දකුණු ප්‍රදේශයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් මියගිය සංඛ්‍යාව 9 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අදාළ වෙඩි තැබීම පන්ති කාමරයක් තුළ සිදු කර ඇත්තේ පාසල් සිසුවෙකු විසින් වන අතර, එම සිද්ධියෙන් තවත් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූවන් අතර 6 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, එයින් 3 දෙනෙකුගේ තත්ත්වය තවදුරටත් බරපතළ බව බලධාරීන් පවසයි.
මෙම වෙඩි තැබීම සිදුකළ අටවන ශ්‍රේණියේ සිසුවා පසුව සියදිවි නසාගෙන ඇති බවද වාර්තා වේ.
ඊට අමතරව, ඊයේ (14) තුර්කියේ ගිනිකොණදිග ප්‍රදේශයේ තවත් පාසලක, එම පාසලේම හිටපු සිසුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා තිබුණි.
එම සිද්ධියේ වෙඩි තැබීම සිදුකළ 18 හැවිරිදි පුද්ගලයා එම පාසලේ ආදි ශිෂ්‍යයෙකු බව අනාවරණය වී ඇත.




