WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මැදපෙරදිග අර්බුදයට ජපානයෙන් ඩොලර් බිලියන 10ක සහන සැලැස්මක්

I
Ishanka Jayasuriya
April 15, 2026 · 1 min read
271 viewsf𝕏W
මැදපෙරදිග අර්බුදයට ජපානයෙන් ඩොලර් බිලියන 10ක සහන සැලැස්මක්
මැදපෙරදිග යුද්ධයෙන් පීඩා විඳින ආසියාතික ජනතාවට සහන සැලසීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක වටිනා මූල්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජපාන අග්‍රාමාත්‍ය සනේ ටකයිචි ප්‍රකාශ කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ, ඉරාන යුද්ධය තවදුරටත් උත්සන්න වුවහොත් ලෝක ආර්ථිකයට බලපාන ගෝලීය අවපාතයක් ඇතිවිය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවා ඇති පසුබිමකය.
එම අරමුදල නිකුත් කළ වාර්තාව අනුව, මේ වසරේ ලෝක ආර්ථික වර්ධන වේගය පසුගිය වසරට සාපේක්ෂව සියයට 0.3කින් පහළ යා හැකි බවද පෙන්වා දී ඇත.
එමෙන්ම රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් හේතුවෙන් ඉහළ ගිය බොරතෙල් මිල යම් ප්‍රමාණයකින් පහළ ගොස් ඇති අතර, බ්‍රෙන්ට් තෙල් බැරලයක මිල ඩොලර් 95ක් ලෙසත්, WTI තෙල් මිල ඩොලර් 91ක් ලෙසත් වාර්තා වී ඇත.
කෙසේවෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත අස්ථිර තත්ත්වයන් හේතුවෙන් ඉදිරි සතිවල ඉන්ධන මිල නැවත ඉහළ යා හැකි බවට අමෙරිකානු බලශක්ති අංශය අනතුරු අඟවා තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
තුර්කි පාසලක වෙඩි තැබීමෙන් 9ක් මරුට – තවත් පිරිසක් තුවාලයි
Next
📰 කරන්දෙණිය සුද්දාගේ සොයුරා ඉන්දියාවේදි අත්අඩංගුවට

More in Breaking News