ඉරානය සහ එක්සත් ජනපදය අතර පවතින සතුරුකම් අවසන් කිරීම සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා නව සාම සැලසුමක් ඉදිරිපත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තානය විසින් සකස් කරන ලද මෙම යෝජනාව අද (06) සිට ක්‍රියාත්මක විය හැකි බව Reuters වාර්තා කරයි.
මෙම සැලසුම අනුව ක්ෂණික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පුළුල් එකඟතාවයකට එළඹීම සඳහා අදියර දෙකක ක්‍රමවේදයක් යෝජනා කර ඇත.
එසේම දින 45ක සටන් විරාමයක් පිළිබඳව ද සාකච්ඡා සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරන අතර, එය යුද්ධය ස්ථිරව අවසන් කිරීමේ වැඩපිළිවෙළක කොටසක් ලෙස හඳුන්වා ඇත.
මෙම යෝජනාව යටතේ සටන් විරාමය ක්‍රියාත්මක වීමත් සමඟ හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට අවස්ථාව ලැබෙන අතර, ඉදිරියට පුළුල් විසඳුමකට එළඹීමට දින 15-20ක කාලයක් ලබාදීමට නියමිතය.
“ඉස්ලාමාබාද් සම්මුතිය” ලෙස නම් කර ඇති මෙම යෝජනාව සම්බන්ධයෙන් මෙතෙක් දෙරටේ බලධාරීන්ගෙන් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද වාර්තා වේ.




