සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමය සමඟ අන්තර්ජාලය හරහා සිදු කෙරෙන මූල්‍ය වංචා සහ දත්ත සොරකම් කිරීමේ සිද්ධීන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බැවින් මහජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.
උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීම් සහ ගෙවීම් සඳහා ජනතාව වැඩි වශයෙන් අන්තර්ජාලය භාවිතා කරන අතර, ආර්ථික අපහසුතා හේතුවෙන් ක්ෂණික ලාභ අපේක්ෂාවෙන් විවිධ වෙබ් අඩවි වෙත යොමු වීම වංචාකරුවන්ට පහසුවක් වී ඇති බව නිරීක්ෂණය වී ඇත.
පසුගිය වසරවල ලැබුණු පැමිණිලි විශ්ලේෂණයෙන් බොහෝ පිරිසක් ව්‍යාජ දීමනා, ව්‍යාජ බැංකු වෙබ් අඩවි සහ යෙදුම්, QR කේත වංචා, ඊමේල් සහ කෙටි පණිවිඩ මඟින් සිදු කරන phishing ක්‍රම, හා දුරකථන අංක ව්‍යාජ ලෙස පෙන්වන ක්‍රමවලට හසු වී ඇති බව හෙළි වී තිබේ.
එමෙන්ම විශ්වාසය ලබාගැනීම සඳහා උසස් රජයේ නිලධාරීන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ රූප භාවිතා කරමින් වංචනික ප්‍රචාර ද සිදු කරන බව සඳහන් වේ.
මෙවැනි ක්‍රියා හේතුවෙන් පුද්ගලික දත්ත සොරකම් කිරීම හා බැංකු ගිණුම්වල




