WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ඉන්දියාවේ උෂ්ණාධිකත්වයෙන් 16ක් මරුට

I
Ishanka Jayasuriya
May 24, 2026 · 1 min read
204 viewsf𝕏W
ඉන්දියාවේ උෂ්ණාධිකත්වයෙන් 16ක් මරුට
ඉන්දියාවේ දකුණු ප්‍රදේශයට බලපා ඇති දැඩි උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු ‘හීට්ස්ට්‍රෝක්’ තත්ත්වයෙන් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම මරණ වාර්තා වී ඇත්තේ තෙලන්ගානා ප්‍රාන්තයෙන් වන අතර, ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස එරට සෞඛ්‍ය අංශ දැනුම් දී තිබේ.
මෑත දිනවල ඉන්දියාවේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවා ගොස් ඇති අතර, නව දිල්ලිය ඇතුළු නගර කිහිපයක දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව සඳහන් වෙයි.
විශේෂඥයින් පවසන්නේ අධික උෂ්ණත්වය හේතුවෙන් ශරීරයේ ජලය අඩුවීම, රුධිරය ඝනවීම සහ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට බලපෑම් ඇතිවිය හැකි බවයි.
මේ හේතුවෙන් වැඩිහිටියන්, ළමුන් සහ ගර්භණී මව්වරුන් දහවල් කාලයේ අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙස තෙලන්ගානා ප්‍රාදේශීය රජය උපදෙස් ලබාදී ඇත.
දේශගුණික විපර්යාස හේතුවෙන් ඉන්දියාවේ උෂ්ණාධික තත්ත්වයන් වසරෙන් වසර වඩාත් දරුණු වෙමින් පවතින බව ද විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළි වී තිබේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
විකෘති අංක තහඩු සහිත වාහනවලට පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
Next
මුහුදු ප්‍රදේශවලට තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක්

More in World