WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

විකෘති අංක තහඩු සහිත වාහනවලට පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

I
Ishanka Jayasuriya
May 24, 2026 · 1 min read
174 viewsf𝕏W
විකෘති අංක තහඩු සහිත වාහනවලට පොලිසියෙන් අනතුරු ඇඟවීමක්
නිල අංක තහඩු නිකුත් කිරීම ප්‍රමාද වුවද, ප්‍රමිතියෙන් තොර අංක තහඩු සවිකර වාහන ධාවනය කිරීමට අවසර නොමැති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ අනුව ‘A4’ ප්‍රමාණයේ කොළයක මුද්‍රණය කළ අංක තහඩුවක් තාවකාලිකව ප්‍රදර්ශනය කිරීමට බාධාවක් නොමැති බවයි.
සැපයුම්කරුවෙකු නොමැතිවීම හේතුවෙන් මාස 10කට ආසන්න කාලයක සිට නිල වාහන අංක තහඩු නිකුත් කිරීම නතරව ඇති අතර, මේ වනවිට අංක තහඩු ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කිරීම ප්‍රමාද වී තිබේ.
මේ හේතුවෙන් අලුතින් ලියාපදිංචි කරන ලද වාහන රැසක් විවිධ හැඩයන්, වර්ණයන් සහ ප්‍රමාණයන්ගෙන් යුතු අංක තහඩු සවිකර ධාවනය වන බව වාර්තා වෙයි.
කෙසේවෙතත්, එවැනි ප්‍රමිතියෙන් තොර අංක තහඩු සහිත වාහනවලට නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය අවධාරණය කරයි.
මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නිල අංක තහඩු නිකුත් කිරීම ජූනි 10 වැනිදාට පෙර යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
දංගෙදර ඝාතනයට සහාය දුන් දෙදෙනෙක් අත්අඩංගුවට
Next
ඉන්දියාවේ උෂ්ණාධිකත්වයෙන් 16ක් මරුට

More in Breaking News