WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

දංගෙදර ඝාතනයට සහාය දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
May 24, 2026 · 1 min read
172 viewsf𝕏W
දංගෙදර ඝාතනයට සහාය දුන් දෙදෙනෙක් අත්අඩංගුවට
ගාල්ල දංගෙදර ප්‍රදේශයේ සිදුවූ සංවිධානාත්මක වෙඩි තැබීමේ ඝාතනයට ආධාර අනුබල ලබාදුන් බව කියන සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඝාතකයින්ට නේවාසික පහසුකම් සලසා දීම, ඔත්තු බැලීම සහ තොරතුරු සැපයීම ඇතුළු ක්‍රියා මඟින් මෙම අපරාධයට සහාය ලබාදී ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර 31 හැවිරිදි පුද්ගලයෙකු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන අතර, තවත් 22 හැවිරිදි තරුණයෙකුද ඊයේ පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් 12 වනදා දංගෙදරදී වෙඩි තබා ඝාතනය කර තිබුණේ අහංගම ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි තිදරු පියෙකු වන ප්‍රසාද් පුංචිහේවා නැමැති පුද්ගලයෙකි.
විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, ඝාතකයින් පැමිණි මෝටර් රථය දඩල්ල ප්‍රදේශයේ දමා පසුව පෙර සූදානම් කළ පෞද්ගලික බස් රථයකින් පලාගොස් ඇති බවයි.
දුරකථන වාර්තා සහ ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ සැකකරුවන්ගේ ගමන් මාර්ග තහවුරු කරගෙන ඇති අතර, ඝාතනයට සම්බන්ධ ප්‍රධාන තුවක්කුකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ගැබ්ගෙල පිළිකා හඳුනාගැනීමට නවීන යන්ත්‍ර 12ක් රෝහල්වලට
Next
විකෘති අංක තහඩු සහිත වාහනවලට පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

More in Breaking News