WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මුහුදු ප්‍රදේශවලට තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක්

I
Ishanka Jayasuriya
May 24, 2026 · 1 min read
161 viewsf𝕏W
මුහුදු ප්‍රදේශවලට තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක්
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලට අදාළ කාලගුණ අනාවැකිය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
ඒ අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වෙයි.
එමෙන්ම කන්කසන්තුරය සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි බව ද අනාවැකියේ දැක්වේ.
මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර, සෙසු මුහුදු ප්‍රදේශ ද තරමක් රළු විය හැකි බවට අනතුරු අඟවා ඇත.
පුත්තලම සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2ත් 2.5ත් අතර ඉහළ යා හැකි බව ද කාලගුණ අංශ පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව විමසිල්ලෙන් කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.
මේ අතර බෙංගාල බොක්ක සහ ආරාබි මුහුද ආශ්‍රිතව ඉදිරි දින තුන සඳහා ද තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක් පිළිබඳ අනාවැකි නිකුත් කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඉන්දියාවේ උෂ්ණාධිකත්වයෙන් 16ක් මරුට
Next
මාස 15ට සල්ලි අච්චුගැසීම ට්‍රිලියන 2කට වැඩිවීමක්

More in Breaking News