ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම රුපියල් ට්‍රිලියන 2.1 ඉක්මවා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, පසුගිය මාස 15ක කාලය තුළ මහ බැංකුව විසින් මුදල් සැපයුම විශාල ලෙස ප්‍රසාරණය කර ඇති බවය.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනාවරණය වී ඇත්තේ, 2025 ජනවාරි මාසයේ රුපියල් බිලියන 14,439.1ක්ව පැවති ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම, 2026 මාර්තු වනවිට රුපියල් බිලියන 16,585.7ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව රුපියල් බිලියන 2,146කට වැඩි මුදල් ප්‍රමාණයක් පද්ධතියට එක්වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
මේ අතර පසුගිය මාස 17 තුළ සංසරණයේ පැවති ව්‍යවහාර මුදල් ප්‍රමාණයද රුපියල් මිලියන 303,956කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පෙන්වා දෙ




