WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

නායයෑම් අනතුරු ඇඟවීම් යළි දීර්ඝ කෙරේ

I
Ishanka Jayasuriya
May 24, 2026 · 1 min read
203 viewsf𝕏W
නායයෑම් අනතුරු ඇඟවීම් යළි දීර්ඝ කෙරේ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබේ.
අද පෙරවරු 5 සිට හෙට පෙරවරු 5 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කළ මෙම නිවේදනය අනුව, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට දෙවන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල සහ යටියන්තොට ප්‍රදේශවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර, අයගම සහ ඇහැලියගොඩ ප්‍රදේශවලටත් වැඩි අවදානමක් පවතින බව සඳහන් වෙයි.
මීට අමතරව කොළඹ, ගම්පහ, කළුතර, නුවරඑළිය, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල තවත් ප්‍රදේශ රැසකට පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
අදාළ ප්‍රදේශවල ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙසත්, නායයෑම් ලක්ෂණ දක්නට ලැබේ නම් වහා ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දී ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මාස 15ට සල්ලි අච්චුගැසීම ට්‍රිලියන 2කට වැඩිවීමක්
Next
බංග්ලාදේශයේ සරම්ප වසංගතයෙන් දරුවන් 500කට වැඩි පිරිසක් මරණයට

More in Breaking News