WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

බංග්ලාදේශයේ සරම්ප වසංගතයෙන් දරුවන් 500කට වැඩි පිරිසක් මරණයට

I
Ishanka Jayasuriya
May 24, 2026 · 1 min read
179 viewsf𝕏W
බංග්ලාදේශයේ සරම්ප වසංගතයෙන් දරුවන් 500කට වැඩි පිරිසක්  මරණයට
බංගලිදේශය  තුළ සරම්ප රෝගය වේගයෙන් පැතිර යාම හේතුවෙන් මේ වනවිට දරුවන් 500කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ඩක්කා  අගනුවර රෝහල් රෝගී දරුවන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර, සරම්ප රෝගීන් සඳහා විශේෂ වාට්ටුද ස්ථාපිත කර තිබේ.
එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ, ගතවූ පැය 24 තුළ පමණක් දරුවන් 13 දෙනෙකු මියගොස් ඇති අතර, මාර්තු 15 සිට මේ දක්වා සමස්ත මරණ සංඛ්‍යාව 512 දක්වා ඉහළ ගොස් ඇති බවය.
රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිවයින පුරා මහා පරිමාණ එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර, මේ වනවිට දරුවන් මිලියන 18කට එන්නත් ලබාදී ඇති බව UNICEF සඳහන් කරයි.
කෙසේවෙතත්, එහි සම්පූර්ණ ප්‍රතිඵල දැකීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
වෛද්‍යවරුන් සඳහන් කරන්නේ, අඩු ආදායම්ලාභී සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් මෙම වසංගතයෙන් වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇති බවයි.
සරම්ප යනු කැස්ස සහ කිවිසුම් මඟින් ඉතා වේගයෙන් බෝවන රෝගයක් වන අතර, විශේෂයෙන් කුඩා දරුවන්ට දැඩි අවදානමක් ඇති කරන බවද සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
නායයෑම් අනතුරු ඇඟවීම් යළි දීර්ඝ කෙරේ
Next
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙයි

More in Breaking News