WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙයි

I
Ishanka Jayasuriya
May 24, 2026 · 1 min read
220 viewsf𝕏W
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙයි
ශ්‍රී ලංකා රුපියලේ අගය පසුගිය සිකුරාදා දිනයේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 2.7කින් ඉහළ ගොස් ඇති බව “බ්ලූම්බර්ග්” වෙබ් අඩවිය වාර්තා කරයි.
එය 2023 මාර්තු මාසයෙන් පසු රුපියල වාර්තා කළ විශාලතම එක්දින වර්ධනය බවත්, එදින ආසියාවේ හොඳම ක්‍රියාකාරීත්වය දැක්වූ මුදල් ඒකකය බවත් එම වාර්තාවේ සඳහන් වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ශ්‍රී ලංකාවට මුදල් ලැබීමට නියමිත වීමත් සමඟ වෙළඳපොළේ ඩොලර් විකිණීමට පිරිස් පෙළඹීම රුපියල ශක්තිමත් වීමට හේතුවක් බව රජය පෙන්වා දී ඇත.
මේ අතර, රුපියලේ ස්ථාවරභාවය පවත්වා ගැනීම සඳහා පුද්ගලික වාහන ආනයනය මත අධිභාර පැනවීමටද රජය පියවර ගෙන තිබේ.
අවශ්‍ය අවස්ථාවලදී වෙළඳපොළට මැදිහත්වීමට සූදානම් බව මහ බැංකුවද ප්‍රකාශ කර ඇති බව “බ්ලූම්බර්ග්” වැඩිදුරටත් සඳහන් කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
බංග්ලාදේශයේ සරම්ප වසංගතයෙන් දරුවන් 500කට වැඩි පිරිසක් මරණයට
Next
ලක්ෂ 60ක නීතිවිරෝධී දුම්වැටි සමඟ චීන ජාතිකයින් තිදෙනෙක් කොටු

More in Breaking News