ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ පැවැත්වෙන සාකච්ඡා අවසන් අදියරේ පවතින බවත්, එහි කොටසක් ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන බවත් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියානු බොරතෙල් මිල ගණන් කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබේ.
අද (25) උදෑසන වනවිට බ්‍රෙන්ට් බොරතෙල් මිල සියයට 5කින් පහළ ගොස් ඇමෙරිකානු ඩොලර් 97.90ක් ලෙස සටහන් වූ අතර, WTI බොරතෙල් මිල සියයට 5.3කින් අඩුවී ඩොලර් 90.93ක් දක්වා පහළ ගොස් ඇත.
කෙසේ වෙතත් මර්බන් බොරතෙල් මිල සියයට 0.06කින් ඉහළ ගොස් ඩොලර් 102.21ක් ලෙස වාර්තා වී තිබේ.
විදෙස් ආර්ථික වාර්තා අනුව, මෙම තත්ත්වය හේතුවෙන් ආසියානු කොටස් වෙළෙඳපොළ රැසකම ඉහළ යාමක් දක්නට ලැබී ඇති අතර, ජපානයේ Nikkei 225 දර්ශකය ඉතිහාසයේ පළමු වරට 65,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.




