කෙටි කාලීන සංචාර සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන රටවල් 40ක ජාතිකයින් සඳහා දින 30ක නොමිලේ සංචාරක වීසා පහසුකම අද (25) සිට ක්‍රියාත්මක කර තිබෙනවා.
ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, චීනය, ජපානය, එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය, මැලේසියාව, දකුණු කොරියාව, රුසියාව, කැනඩාව ඇතුළු රටවල් 40ක ජාතිකයින්ට මෙම සහනය හිමිවන බවයි.
රාජ්‍ය තාන්ත්‍රික, නිල, සේවා හෝ සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින්ට මෙම යෝජනා ක්‍රමය යටතේ නොමිලේ සංචාරක වීසා ලබා ගැනීමට හැකි වනවා.
එමෙන්ම මාලදිවයින, සීශෙල්ස් සහ සිංගප්පූරුව ඇතුළු ද්විපාර්ශ්වික ගිවිසුම් ඇති රටවල ජාතිකයින් ද ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ලබා ගත යුතු බවද දැනුම් දී තිබෙනවා.
මෙම වැඩසටහන යටතේ නිකුත් කරන සංචාරක වීසා දින 90ක් දක්වා වලංගු වන අතර, දින 30ක කාලයක් තුළ ද්විත්ව ප්‍රවේශ පහසුකමද හිමිවන බව සඳහන්.
අදාළ කාලය ඉක්මවා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අවශ්‍ය අයදුම්කරුවන්ට නියමිත ගාස්තු ගෙවා වීසා දීර්ඝ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.




