යාපනයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මරණ දඬුවම නියමව සිටි විත්තිකරුවෙකු බන්ධනාගාරය තුළදී සියදිවි හානිකරගෙන තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නඩුවේ දෙවැනි විත්තිකරු වූ 46 හැවිරිදි පූබාලසිංගම් ජය කුමාර් මෙලෙස මියගොස් ඇති බවයි.
යාපනය බන්ධනාගාරයේ සිර මැදිරිය තුළදී ඔහු ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවත් වාර්තා වනවා.
මෙම නඩුවට අදාළව විත්තිකරුවන් හතර දෙනෙකුට නියම කර තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය 6 වැනිදා තහවුරු කර තිබුණා.
පූබාලසිංගම් ජය කුමාර් සමඟ මහලිංගම් සශි කුමාර් හෙවත් ස්විස් කුමාර්, තිලයිනාදන් චන්ද්‍රහාසන් හෙවත් චන්ද්‍රා සහ සිවදේවන් තුසිතන් හෙවත් පෙරියතම්බි යන විත්තිකරුවන්ටද එම දඬුවම නියමව තිබුණා.
එමෙන්ම මහලිංගම් සසිදරන් හෙවත් ශෂී සහ ජයදරන් කෝකිලන් යන විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණා.
2015 මැයි 13 වැනිදා සිදුවූ මෙම ඝාතනය රටපුරා දැඩි කම්පනයක් ඇති කළ සිද්ධියක් ලෙස සැලකේ.




