බහරේනය තුළ ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කිරීමේ චෝදනා මත පුද්ගලයින් 9 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔවුන් ඉරාන ඉස්ලාමීය විප්ලවීය හමුදාව සමඟ සම්බන්ධ වී බහරේනය තුළ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ බවට චෝදනා එල්ල වී ඇති බවයි.
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර යුදමය උණුසුම් තත්ත්වය ආරම්භ වීමෙන් පසු පසුගිය මාර්තු මාසයේදී මෙම සැකකරුවන් බහරේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔවුන් විසින් බහරේනයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු සහ රටේ ආර්ථික මර්මස්ථාන සම්බන්ධ අධි සංවේදී තොරතුරු සහ ඡායාරූප ඉරානය වෙත ලබාදී ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරනවා.




