WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු බඳවාගැනීම් ගැන හෙට සාකච්ඡාවක්

I
Ishanka Jayasuriya
May 25, 2026 · 1 min read
257 viewsf𝕏W
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු බඳවාගැනීම් ගැන හෙට සාකච්ඡාවක්
හරිනි අමරසූරිය සහ අධ්‍යාපනවේදී උපාධිධාරී සංගමය අතර සාකච්ඡාවක් හෙට (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
රාජ්‍ය විශ්වවිද්‍යාලවල 2018/19 සහ 2019/20 අධ්‍යයන වර්ෂවල අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවා නොගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව මෙහිදී අවධානය යොමුවීමට නියමිතයි.
සංගමය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ ගුරු බඳවාගැනීමේ පටිපාටිය අනුව තමන් ගුරු සේවයේ 2.2 ශ්‍රේණියට සම්මුඛ පරීක්ෂණයක් සහ ප්‍රායෝගික පරීක්ෂණයක් මත පමණක් බඳවාගත යුතු බවයි.
කෙසේ වෙතත් මේ වනතෙක් ඔවුන් ගුරු සේවයට බඳවාගෙන නොමැති අතර, ඒ සම්බන්ධයෙන් පැහැදිලි ක්‍රියාමාර්ගයක් ද ගෙන නොමැති බව සංගමය සඳහන් කරනවා.
පෙබරවාරි 10 වැනිදා මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවත්, මාර්තු 3 වැනිදා අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව අනෙකුත් උපාධිධාරීන් බඳවා ගැනීම සමඟ අධ්‍යාපනවේදී උපාධිධාරීන්ද බඳවාගත යුතු බවත් ඔවුන් පෙන්වා දෙනවා.
එහෙත්, අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් පළාත් සභා වෙත යොමු කළ ලිපියේ පැහැදිලි බඳවාගැනීම් සංඛ්‍යාවක් සඳහන් නොවීම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවද සඳහන්.
එමෙන්ම දැනට ක්‍රියාත්මක ගුරු බඳවාගැනීම් 23,000ක වැඩසටහන යටතේ අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඇතුළත් කළ නොහැකි බවට පළාත් සභා පෙන්වා දී ඇති බවද වාර්තා වනවා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඉරානයට තොරතුරු සැපයූ 9 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
Next
වාහන මිල ඉහළ යාමේ අවදානමක්

More in Breaking News