WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

වාහන මිල ඉහළ යාමේ අවදානමක්

I
Ishanka Jayasuriya
May 25, 2026 · 1 min read
189 viewsf𝕏W
වාහන මිල ඉහළ යාමේ අවදානමක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාහන ආනයනය සඳහා පනවා ඇති නව ලීසිං සීමා සහ විනිමය අනුපාත වෙනස්වීම් හේතුවෙන් වාහන මිල ගණන් තාවකාලිකව ඉහළ යා හැකි බව සඳහන් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, මෙවැනි තීරණ ක්‍රියාත්මක කිරීමේදී දැනටමත් ආනයනය කර ඇති වාහන සඳහා හෝ සහන කාලයක් ලබාදිය යුතු බවයි.
සංගමයේ උපසභාපති අරෝෂ රොද්‍රිගෝ සඳහන් කළේ, ණය හා වටිනාකම අතර අනුපාතය අඩු කිරීමත් සමඟ ජනතාවගේ වාහන මිලදී ගැනීමේ හැකියාව සීමා වන බවයි.
එමෙන්ම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පැවසුවේ, මීට පෙර වාහනයක වටිනාකමෙන් 50%ක් දක්වා ලීසිං පහසුකම් ලබාදුන්නද, එය එක්වරම 40% දක්වා අඩු කිරීම නිසා වාහන අලෙවියට දැඩි බලපෑමක් ඇතිවන බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (24) නිකුත් කළ නිවේදනය අනුව, අද (25) සිට ලියාපදිංචි නොකළ හෝ වසරකට අඩු කාලයක් භාවිත කළ වාහන සඳහා උපරිම ණය සහ වටිනාකම අතර අනුපාතිකයක් (LTV) ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව වාණිජ වාහන සඳහා වාහනයේ වටිනාකමෙන් 60%ක් දක්වා ලීසිං ලබාදිය හැකි අතර, මෝටර් රථ, SUV, වෑන්, ත්‍රිරෝද රථ සහ අනෙකුත් වාහන සඳහා එය 40% දක්වා සීමා කර ඇත.
මෙම නව නියමයන් අනුව, නව මෝටර් රථයක් හෝ වසරකට අඩු කාලයක් භාවිත කළ වාහනයක් මිලදී ගැනීමේදී එහි වටිනාකමෙන් අවම වශයෙන් 60%ක මුදලක් ගැනුම්කරු විසින්ම ගෙවිය යුතු වනවා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු බඳවාගැනීම් ගැන හෙට සාකච්ඡාවක්
Next
ළමා ආරක්ෂණ විමර්ශන ශක්තිමත් කිරීමට නව බඳවාගැනීම්

More in Breaking News