සරෝජා සාවිත්‍රි පෝල්රාජ් විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය කාර්යමණ්ඩල බඳවාගැනීම් කඩිනමින් සිදුකරන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.
ඊයෙ (25) කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරිය මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන්.
එහිදී ළමා ආරක්ෂණ ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වයන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සේවක පුරප්පාඩු සහ විමර්ශන කටයුතු ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම, ළමා ආරක්ෂණ ක්‍රියාවලියේදී අනෙකුත් ආයතන සමඟ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත ක්‍රියාත්මක කිරීමේදී එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීම පිළිබඳවත් අවධානය යොමුව තිබෙනවා.




