හජ්ජි උත්සවය සහ වෙසක් උත්සවය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විශේෂ අමුත්තන් බැලීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව 2026 මැයි 28 සහ 30 යන දෙදින තුළ දිවයින පුරා සියලුම බන්ධනාගාර ආයතනවල මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව සඳහන්ය.
රැඳවියන්ගේ ඥාතීන්ට එක් රැඳවියෙකු සඳහා ප්‍රමාණවත් වන ආකාරයට ආහාර සහ රසකැවිලි රැගෙන ඒමට අවසර ලබා දී ඇති අතර, එම කටයුතු සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ හා බන්ධනාගාර නීතිරීති අනුව සිදුකරන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.




