WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

සරණ ගුණවර්ධනට එරෙහි නඩු 4ක තීන්දු අද

I
Ishanka Jayasuriya
May 26, 2026 · 1 min read
165 viewsf𝕏W
සරණ ගුණවර්ධනට එරෙහි නඩු 4ක තීන්දු අද
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩු හතරක තීන්දු අද (26) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙම නඩු, 2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ, වාහන කුලී පදනම මත ලබා ගැනීම හරහා රජයට පාඩුවක් සිදු කළ බවට එල්ල වූ චෝදනාවකට අදාළව ගොනු කර තිබේ.
පසුගිය අප්‍රේල් 30 වනදා මෙම නඩු වල තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, එය මැයි 26 වනදා දක්වා කල් දමා තිබුණි. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් එම තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
හජ්ජි - වෙසක් වෙනුවෙන් රැඳවියන්ට අමුත්තන් දිනයක්
Next
හිටපු පොලිස්පතිට මාසයකින් අධිචෝදනා ගොනු කිරීමක්

More in Breaking News