WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

සංචාරක පැමිණීම් ලක්ෂ 9.9 ඉක්මවයි

I
Ishanka Jayasuriya
May 25, 2026 · 1 min read
202 viewsf𝕏W
සංචාරක පැමිණීම් ලක්ෂ 9.9 ඉක්මවයි
මේ වසරේ ගත වූ කාලය තුළ දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 990,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව ජනවාරි 1 වැනිදා සිට මැයි 24 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 990,032 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
එහිදී වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 236,916ක් ලෙස වාර්තා වී තිබෙනවා.
මීට අමතරව එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සැලකිය යුතු සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.
මේ අතර, මැයි 1 වැනිදා සිට 24 වැනිදා දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 113,755 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රථයක් වෙල්යායකට පෙරළෙයි
Next
ඉරානයට තොරතුරු සැපයූ 9 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

More in Breaking News