WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

මාස තුනකට පසු ඉරානයේ අන්තර්ජාල සේවා යළි සක්‍රීයයි

I
Ishanka Jayasuriya
May 27, 2026 · 1 min read
197 viewsf𝕏W
මාස තුනකට පසු ඉරානයේ අන්තර්ජාල සේවා යළි සක්‍රීයයි
මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ සීමා කර තිබූ අන්තර්ජාල ප්‍රවේශය යළි යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරාන උප ජනාධිපතිවරයා විසින් X සමාජ මාධ්‍යයේ තබා ඇති සටහනක් උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කළේ, අන්තර්ජාල සේවා අදියරෙන් අදියර නැවත සක්‍රීය කෙරෙමින් පවතින බවයි.
මැදපෙරදිග ගැටුම් තත්ත්වය උත්සන්න වීමත් සමග පසුගිය පෙබරවාරි 28 වැනිදා ඉරාන රජය ජාතික මට්ටමින් අන්තර්ජාල ප්‍රවේශය අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.
ඔත්තු බැලීම් සහ සයිබර් ප්‍රහාර වළක්වා ගැනීම එම තීරණයේ අරමුණ බව එරට බලධාරීන් සඳහන් කළ අතර, එය ලෝකයේ මෙතෙක් වාර්තා වූ දීර්ඝතම ජාතික අන්තර්ජාල වසා දැමීම් අතරින් එකක් ලෙසද සැලකෙනවා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
දංගෙදර වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
Next
නිරිත දිග මෝසම සක්‍රීයයි – ප්‍රදේශ රැසකට තද වැසි හා සුළං

More in World