WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

නිරිත දිග මෝසම සක්‍රීයයි – ප්‍රදේශ රැසකට තද වැසි හා සුළං

I
Ishanka Jayasuriya
May 27, 2026 · 1 min read
164 viewsf𝕏W
නිරිත දිග මෝසම සක්‍රීයයි – ප්‍රදේශ රැසකට තද වැසි හා සුළං
නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වීමත් සමග නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය ඉදිරි දිනවලදී තවදුරටත් වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට අමතරව ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
ඌව පළාතේ මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ද පස්වරු 1.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ අංශ අනාවරණය කරනවා.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත් මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් තරමක තද සුළං හමා යා හැකි බව සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මාස තුනකට පසු ඉරානයේ අන්තර්ජාල සේවා යළි සක්‍රීයයි
Next
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගැටලුවලට විසඳුම් ඉල්ලා සිසුන් පාගමනක

More in Breaking News