විශ්වවිද්‍යාලයේ පරිපාලන ගැටලු සහ ශිෂ්‍ය පහසුකම් සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් පේරාදෙණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් පාගමනක් ආරම්භ කර තිබෙනවා.
ඊයේ (26) පස්වරුවේ ආරම්භ වූ මෙම පාගමන පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිට ගම්පොල දක්වා දිවෙන මාර්ගය ඔස්සේ සංවිධානය කර ඇති බව සඳහන්.
පාගමන හේතුවෙන් එම මාර්ගයේ එක් මංතීරුවක් තාවකාලිකව වසා දමා ඇති බවත්, ඒ හේතුවෙන් ප්‍රදේශයේ රථවාහන ධාවනයට ද යම් බලපෑමක් එල්ල වී ඇති බවත් වාර්තා වනවා.




