හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා වෙළෙඳ නැව් ආරක්ෂිතව රැගෙන යාමේ මෙහෙයුම් අමෙරිකානු නාවික හමුදාව යළි ආරම්භ කර ඇති බවට පළ වූ වාර්තා ඇමෙරිකානු මධ්‍යම අණදෙන මුලස්ථානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔවුන්
සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ නිවේදනයකින් සඳහන් කර ඇත්තේ “Project Freedom” වැඩපිළිවෙළ යළි ක්‍රියාත්මක කර ඇති බවට පළවන ප්‍රකාශ සත්‍ය නොවන බවයි.
එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වෙළෙඳ නෞකා සඳහා අමෙරිකානු හමුදා ආරක්ෂක සහාය ලබා නොදෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.




