අද (27) පස්වරු 7.00 සිට හෙට (28) පෙරවරු 7.00 දක්වා මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් සිදුකරන ජල නළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බව එම මණ්ඩලය සඳහන් කළා.
ඒ අනුව මහජනතාවට අවශ්‍ය ජලය පෙර සූදානම් කර ගන්නා ලෙසද ඉල්ලීමක් කර තිබෙනවා.




