WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

රාජ්‍ය වෙසක් උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන්

I
Ishanka Jayasuriya
May 27, 2026 · 1 min read
154 viewsf𝕏W
රාජ්‍ය වෙසක් උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන්
ශ්‍රී සම්බුදු තෙමඟුල නිමිත්තෙන් අද (27) සිට ජුනි 02 දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මඟපෙන්වීම යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන එක්ව දිවයින පුරා වෙසක් උත්සව සංවිධානය කර ඇති බවයි.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානයේදී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි.
මේ අතර වෙසක් උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිනිදුම සුනිල් සෙනෙවි සඳහන් කළේ, හොල්මන් මන්දිර සහ ඔළුබක්කන් වැනි අංගවලින් වැළකී ආගමික වටිනාකම් රැකෙන අයුරින් සැමරුම් පැවැත්විය යුතු බවයි.
එමෙන්ම පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම හෝ සම්පූර්ණයෙන්ම නතර කිරීම පිළිබඳවද උපදෙස් ලබාදී ඇති බව සඳහන්.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මහර සහ ගම්පහට පැය 12ක ජල කප්පාදුවක්
Next
RMV පරිපාලන හිඟයෙන් සේවාවන් ප්‍රමාද වෙයි

More in Breaking News