WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

RMV පරිපාලන හිඟයෙන් සේවාවන් ප්‍රමාද වෙයි

I
Ishanka Jayasuriya
May 27, 2026 · 1 min read
147 viewsf𝕏W
RMV පරිපාලන හිඟයෙන් සේවාවන් ප්‍රමාද වෙයි
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ කොමසාරිස් ජනරාල්වරයෙකු පත් නොකිරීම හේතුවෙන් එහි දෛනික රාජකාරි කටයුතු දැඩි අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
හිටපු කොමසාරිස් ජනරාල්වරයා නීතිමය හේතුවක් මත සේවයෙන් ඉවත්වීමෙන් අනතුරුව පරිපාලන තීරණ සහ රාජකාරි ක්‍රියාමාර්ග ප්‍රමාද වන බවත්, ඒ හේතුවෙන් මහජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් වාර්තා වනවා.
මේ අතර රියදුරු බලපත්‍ර සහ වාහන අංක තහඩු මුද්‍රණ කටයුතුද මන්දගාමීව සිදුවීම හේතුවෙන් පාරිභෝගිකයන් ලක්ෂ ගණනාවක් අපහසුතාවයට පත්ව සිටින බව සඳහන්.
අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව මේ වනවිට වාහන අංක තහඩු ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් සහ රියදුරු බලපත්‍ර ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කිරීමට නියමිතව පවතිනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තාරක දේශප්‍රිය සඳහන් කර ඇත්තේ, දිස්ත්‍රික් කාර්යාල ඔන්ලයින් පද්ධතියට එක් කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක බවයි.
එමෙන්ම යුද හමුදාව සහ ජාතික තරුණ සේවා සභාව ලබාදෙන අමතර සහාය මත කාඩ් මුද්‍රණ ප්‍රමාදයෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට නිරාකරණය කර ඇති බවද ඔහු සඳහන් කළා.
අලුත් සැපයුම්කරු යටතේ වාහන අංක තහඩු මුද්‍රණ කටයුතු මැයි 10 වැනිදා සිට ආරම්භ කර ඇති අතර, පවතින හිඟය කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
රාජ්‍ය වෙසක් උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන්
Next
කැනඩාවෙන් රටවල් තුනකට සංචාරක තහනමක්

More in Breaking News