WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කැනඩාවෙන් රටවල් තුනකට සංචාරක තහනමක්

I
Ishanka Jayasuriya
May 27, 2026 · 1 min read
200 viewsf𝕏W
 කැනඩාවෙන් රටවල් තුනකට සංචාරක තහනමක්
ඊබෝලා වෛරසය පැතිරීමේ අවදානම ඉහළ යාම හේතුවෙන් අප්‍රිකානු රටවල් තුනක පදිංචිකරුවන්ට තාවකාලික සංචාරක තහනමක් පැනවීමට කැනඩා රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව කොංගෝ ප්‍රජාතන්ත්‍ර ජනරජය, උගන්ඩාව සහ දකුණු සුඩානය යන රටවල පදිංචිකරුවන්ට දින 90ක කාලයක් සඳහා කැනඩාවට ඇතුළුවීම තහනම් කර ඇති බව වාර්තා වේ.
කැනඩා බලධාරීන් සඳහන් කරන්නේ, ඊබෝලා වෛරසය රට තුළට පැතිරීම වැළැක්වීම මෙම තීරණයේ අරමුණ බවයි.
එමෙන්ම ආසාදිත ප්‍රදේශවල සිට පැමිණෙන, රෝග ලක්ෂණ නොපෙන්වන කැනඩා පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන් ඇතුළු අයට දින 21ක නිරෝධායන නියමයන්ට යටත් වීමට සිදුවන බවද සඳහන්.
මේ අතර අමෙරිකාවද මීට පෙර මෙම රටවල් තුන සම්බන්ධයෙන් සමාන සංචාරක සීමා ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
RMV පරිපාලන හිඟයෙන් සේවාවන් ප්‍රමාද වෙයි
Next
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට පක්ෂ රැසක කැමැත්ත

More in Breaking News