WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට පක්ෂ රැසක කැමැත්ත

I
Ishanka Jayasuriya
May 27, 2026 · 1 min read
148 viewsf𝕏W
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට පක්ෂ රැසක කැමැත්ත
කල් දමා ඇති පළාත් සභා මැතිවරණය පෙර පැවති ක්‍රමයට අනුව පැවැත්වීමට අදාළ යෝජනාවකට දේශපාලන පක්ෂ සහ නිරීක්ෂණ සංවිධාන 41ක් කැමැත්ත පළ කර තිබෙනවා.
පැෆ්රල් සංවිධානය සහ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ (26) කොළඹ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවය පළ වී ඇති බව සඳහන්.
එහිදී එක් පක්ෂයක් හැර අනෙක් සියලු පාර්ශවයන් මෙම යෝජනාවට සහය දක්වා ඇති බව පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.
මෙම සාකච්ඡාවට ජාතික, දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් සහභාගී වී ඇති අතර, මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබෙනවා.
මේ අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර ඇත්තේ, අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කළහොත් හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්වීමට රජය අපේක්ෂා කරන බවයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කැනඩාවෙන් රටවල් තුනකට සංචාරක තහනමක්
Next
පාස්කු ප්‍රහාර නඩුව ජූනි 12 දක්වා කල්යයි

More in Breaking News