WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

පාස්කු ප්‍රහාර නඩුව ජූනි 12 දක්වා කල්යයි

I
Ishanka Jayasuriya
May 27, 2026 · 1 min read
152 viewsf𝕏W
පාස්කු ප්‍රහාර නඩුව ජූනි 12 දක්වා කල්යයි
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ  නඩුව ජූනි 12 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.
මෙම නඩුව අද (27) ප්‍රියන්ත ලියනගේ, විරාජ් විරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරුන් ඉදිරියේ කැඳවනු ලැබුවා.
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව පෙර බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම ඇතුළු චෝදනා යටතේ හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.
අද නඩු විභාගයේදී විත්තිකරුවන් දෙදෙනාම අධිකරණය හමුවේ පෙනී සිටි අතර, නඩුවට අදාළ දේශන ඉදිරිපත් කිරීම සඳහා එය ජූනි 12 දක්වා කල් තැබීමට නියම කෙරුණා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට පක්ෂ රැසක කැමැත්ත
Next
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 330 ඉක්මවයි

More in Breaking News