ශ්‍රී ලංකා මහ බැංකුව අද (27) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික අනුව අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 330 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 320.40ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 330.81ක් ලෙසත් සටහන් වී තිබෙනවා.
ඊයේ (26) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.32ක් වූ අතර, විකුණුම් මිල රුපියල් 328.69ක් ලෙස දැක්වුණා.




