WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ජයන්ත සමරවීරට වරෙන්තු

I
Ishanka Jayasuriya
May 27, 2026 · 1 min read
144 viewsf𝕏W
ජයන්ත සමරවීරට වරෙන්තු
ජයන්ත සමරවීර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (27) නියෝග කර තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණ වෙත ලබා දුන් වාහන අවභාවිතා කළ බව කියන සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බව සඳහන්.
මේ අතර, එම සිද්ධියට අදාළව ඇප මත සිටින මොහොමඩ් මුසම්මිල් ඇතුළු පස් දෙනෙකුට එරෙහි නඩුව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගැනීමට යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.
අද පැවති නඩු විභාගයේදී මොහොමඩ් මුසම්මිල් සහ සේනාරත්න ද සිල්වා ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි බවද වාර්තා වනවා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 330 ඉක්මවයි
Next
ආපදා නීති ක්‍රියාත්මක කිරීමේ පෙත්සම විභාගයට

More in Breaking News