WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ආපදා නීති ක්‍රියාත්මක කිරීමේ පෙත්සම විභාගයට

I
Ishanka Jayasuriya
May 27, 2026 · 1 min read
149 viewsf𝕏W
ආපදා නීති ක්‍රියාත්මක කිරීමේ පෙත්සම විභාගයට
ස්වභාවික ආපදා සහ ව්‍යසන කළමනාකරණයට අදාළ නීති ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අද අභියාචනාධිකරණය අවසර ලබා දී තිබෙනවා.
පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කළ මෙම පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන අදාළ නියෝගය නිකුත් කළා.
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නොතීසි යැවීමටද නියෝග කර තිබෙනවා.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ අධිකරණයට දන්වා සිටියේ, ආපදා කළමනාකරණයට අදාළ අණ පනත් රැසක් පැවතියද ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ගංවතුර ඇතුළු ව්‍යසන තත්ත්වයන් පාලනය කිරීම අසීරු වී ඇති බවයි.
එමෙන්ම ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා මගින්ද ආපදා කළමනාකරණ නීති ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා හේතුවෙන් බරපතල හානි සිදුවන බව පෙන්වා දී ඇති බව අධිකරණයේදී සඳහන් කර තිබෙනවා.
පෙත්සම යළි ජූලි 07 වනදා කැඳවීමට නියමිත අතර, ගංවතුර ඇතුළු ස්වභාවික ව්‍යසන අවම කිරීම සඳහා නිශ්චිත ජාතික වැඩපිළිවෙලක් සකස් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටිනවා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ජයන්ත සමරවීරට වරෙන්තු
Next
AI භාවිත කර ව්‍යාජ පුවත් - ජනතාවට අනතුරු ඇඟවීමක්

More in Breaking News