WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

AI භාවිත කර ව්‍යාජ පුවත් - ජනතාවට අනතුරු ඇඟවීමක්

I
Ishanka Jayasuriya
May 27, 2026 · 1 min read
171 viewsf𝕏W
AI භාවිත කර ව්‍යාජ පුවත් - ජනතාවට අනතුරු ඇඟවීමක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන භාවිත කරමින් ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව අගමැති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා.
කෘත්‍රීම බුද්ධිය සහ නවීන තාක්ෂණික මෙවලම් යොදාගෙන මෙම අසත්‍ය පුවත් නිර්මාණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ව්‍යාජ වීඩියෝ සහ ඡායාරූප ඇතුළත් පළ කිරීම් මගින් ව්‍යවසායක අවස්ථා, රැකියා අවස්ථා, ආර්ථිකය සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නොමග යවන තොරතුරු ප්‍රචාරය කර ඇති බවද සඳහන්.
මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කිරීම සහ බෙදා හැරීම නීතිමය වශයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බව අගමැති මාධ්‍ය අංශය අවධාරණය කරනවා.
එමෙන්ම එවැනි පුවත්වලට නොරැවටී අවධානයෙන් පසුවන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ආපදා නීති ක්‍රියාත්මක කිරීමේ පෙත්සම විභාගයට
Next
නාසා සඳේ ස්ථාවර කඳවුරක් හදන්න සැලසුම් කරයි

More in Breaking News