ගාල්ල දංගෙදර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර සහ අනුබල දුන් බවට සැක කෙරෙන තවත් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අලව්ව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ප්‍රහාරයට සහාය ලබා දී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ බව වාර්තා වනවා.
පසුගිය 12 වැනිදා මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.




