ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස සැලකෙන ශිරාන් බාසික් සහ ඇල්ටෝ ධර්මේ ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ, අදාළ පුද්ගලයින් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති නමුත්, එරට ආරක්ෂක අංශ විසින් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත මෙතෙක් නිල දැනුම්දීමක් සිදු කර නොමැති බවයි.




