ජීවිතේ කියන්නෙ තරඟයක් නෙවෙයි...
අපිට තියෙන දේවල් අනිත් අය එක්ක සසඳ සසඳ ජීවත් වෙද්දි,
අපිටම අයිති සතුට මඟහැරෙනවා...🙂
අනුන්ගෙ කෑම වේල,
අනුන්ගෙ ඇඳුම්,
අනුන්ගෙ ගෙවල් දොරවල් ගැන හොය හොය ඉන්න තාක්කල්,
හිතට සැනසීමක් ලැබෙන්නෙ නෑ...
සැනසීම කියන්නෙ ලෝකෙ හොඳම දේවල් ලැබෙන එක නෙවෙයි...
තියෙන පුංචි දේවල් වලටත් හිත පිරෙන එකයි...✨️
හැමෝටම එකම පාරක් නෑ...
එකම වෙලාවට වාසනාව ලැබෙන්නෙත් නෑ...
ඒ නිසා අනිත් අය දිහා බලන්න කලින්,
තමන්ගෙ ගමන තමන්ගෙ වේගෙන් යන්න ඉගෙන ගන්න...😊
තියෙන විදිහට කාලා,
තියෙන විදිහට ඇඳලා,
තියෙන තැනක සතුටින් නිදාගෙන ජීවත් වෙන්න පුළුවන් නම්,
ඒකම ලොකු වාසනාවක්...
මතක තියාගන්න...
අන්තිමට අපි හැමෝම පොළොවට පස් වෙන මිනිස්සු...
අපි එකතු කරපු දේවල් ඔක්කොම දාලා යන්න වෙන දවසක් එනවා...🙂✨️




