සැකකටයුතු ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කර ගැනීමට සහය ලබාදෙන ලෙස ඇමරිකානු FBI ආයතනයට දැනුම් දී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
විමර්ශන නිලධාරීන් සඳහන් කර ඇත්තේ, ලැබෙන උපදෙස් අනුව ජංගම දුරකථනය සම්බන්ධ ඉදිරි පියවර ගන්නා බවයි.
මේ අතර, කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පස්වන දිනටත් පැවැත්වුණා. සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂිද මෙහිදී සටහන් කරගෙන තිබෙනවා.
අධිකරණයේදී විමර්ශන නිලධාරීන්ට සිතාසි නිකුත් කිරීම සම්බන්ධ ඉල්ලීම්ද ඉදිරිපත් වූ අතර, මහේස්ත්‍රාත්වරයා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වුණා.
අදාළ විමර්ශනයේදී සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අනුව සිද්ධියට පෙර සිදු වූ ඇප තැබීම් හා හමුවීම් පිළිබඳ තොරතුරුද අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.
වැඩිදුර සාක්ෂි විභාගය මැයි 29 වැනිදාට නියමිතයි.




