WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

AMA සම්මාන රැයේ BTS විශිෂ්ටතම ශිල්පියා වෙයි

I
Ishanka Jayasuriya
May 28, 2026 · 1 min read
184 viewsf𝕏W
 AMA සම්මාන රැයේ BTS විශිෂ්ටතම ශිල්පියා වෙයි
52වැනි අමෙරිකානු සංගීත සම්මාන උළෙල (American Music Awards) මෙවර ලාස් වේගාස්හි MGM Grand Garden Arenaහිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.
ලොව ප්‍රකට සංගීත ශිල්පීන් රැසක් එක්වූ මෙම උළෙලේ වැඩිම අවධානය දිනාගත්තේ K-pop සංගීත කණ්ඩායමක් වන BTS ය.
වසර කිහිපයක හමුදා සේවයෙන් පසු නැවත සංගීත ක්ෂේත්‍රයට පැමිණි BTS කණ්ඩායම, මෙවර උළෙලේ ප්‍රධානතම සම්මානය වන “වසරේ විශිෂ්ටතම ශිල්පියා” සම්මානය දිනා ගැනීමට සමත් විය.
ටේලර් ස්විෆ්ට්, සබ්‍රිනා කාර්පෙන්ටර්, බෑඩ් බනී, හැරී ස්ටයිල්ස් සහ ලේඩි ගගා වැනි ජනප්‍රිය කලාකරුවන් අභිබවා මෙම ජයග්‍රහණය හිමිකර ගැනීම විශේෂත්වයකි.
එමෙන්ම “හොඳම පිරිමි K-pop කලාකරුවා” සම්මානය ද BTS කණ්ඩායමට හිමි වූ අතර, ඔවුන්ගේ “Swim” ගීතය “ගිම්හානයේ ගීතය” ලෙස සම්මානයට පාත්‍ර විය.
මෙවර වසරේ නවක කලාකරුවා ලෙස KATSEYE සංගීත කණ්ඩායම සම්මාන දිනාගත් අතර, හොඳම සංගීත වීඩියෝව ඇතුළු සම්මාන තුනක් ඔවුන් සතු විය.
මේ අතර, 80 දශකයේ රොක් සංගීතයේ ප්‍රබල නාමයක් වූ 70 හැවිරිදි Billy Idol වෙත ජීවිත කාලයටම පිදෙන විශේෂ උපහාර සම්මානයක් පිරිනැමීම ද උළෙලේ විශේෂ අවස්ථාවක් වි
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ලාඕස් ගුහා මුදාගැනීමේ මෙහෙයුමට ඔක්සිජන් හිඟයක්
Next
වෙසක් දන්සල් 15,000කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වෙයි

More in World