ලාඕසයේ සයිසොම්බෝන් පළාතේ ගුහාවක් තුළ සිරවී සිටින කිමිදුම්කරුවන් හත්දෙනෙකු බේරාගැනීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වන අතර, එය සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා විශාල ඔක්සිජන් සැපයුමක් අවශ්‍ය බව තායිලන්ත ස්වේච්ඡා කණ්ඩායම් ප්‍රකාශ කර තිබේ.
තායි ස්වේච්ඡා නායක කෙන්කාඩ් බොන්කවොන්ග් සඳහන් කළේ, ගුහාව ඉදිරිපිට ඔක්සිජන් නැවත පුරවන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත්, වැඩි ඔක්සිජන් සිලින්ඩර ප්‍රමාණයක් ලබාගැනීමටත් උත්සාහ දරන බවයි.
දේශීය වාර්තා අනුව, රන් සෙවීම සඳහා ගුහාවට ඇතුළු වූ ලාඕ ජාතිකයින් පිරිස අධික වර්ෂාවෙන් ඇති වූ නායයෑමක් හේතුවෙන් ගුහාව තුළ සිරවී ඇත.
සිරවී සිටින පිරිසෙන් අවම වශයෙන් පස්දෙනෙකු ජීවතුන් අතර සිටින බව තහවුරු වී තිබුණද, ඔවුන් මෙතෙක් පිටතට රැගෙන ඒමට හැකි වී නොමැත.
කෙසේ වෙතත්, ලාඕස් ස්වේච්ඡා සංවිධාන කිහිපයක් පවසන්නේ හත්දෙනාම සොයාගෙන ඇති අතර ඔවුන් ආරක්ෂිතව පසුවන බවයි. එහෙත් එම තොරතුරු ස්වාධීනව තහවුරු වී නොමැත.




