WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

වෙසක් දන්සල් 15,000කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වෙයි

I
Ishanka Jayasuriya
May 28, 2026 · 1 min read
213 viewsf𝕏W
වෙසක් දන්සල් 15,000කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වෙයි
වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා සංවිධානය කිරීමට නියමිත දන්සල් 15,000කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ, දන්සල් ලියාපදිංචිය සඳහා තවදුරටත් අවස්ථාව පවතින බවයි.
එසේම දිවයිනේ ප්‍රදේශ කිහිපයක බෝවන රෝග වාර්තා වන බැවින්, දන්සල් සංවිධායකයින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද දැඩිව අනුගමනය කළ යුතු බවට ද ඔහු අවධාරණය කළේය.
මේ අතර, වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල තොරණ, වෙසක් කලාප සහ පහන් කූඩු ප්‍රදර්ශන සංවිධානය කිරීමට ද කටයුතු යොදා තිබේ.
බෞද්ධ ජනතාව ද වෙසක් සැමරීම සඳහා සිය නිවෙස් වෙසක් කූඩු සහ විවිධ සැරසිලිවලින් අලංකාර කිරීමට මේ වන විට සූදානම් වෙමින් සිටිති.
වෙළෙඳුන් සඳහන් කළේ, පෙර වසරවලට සාපේක්ෂව මෙවර වෙසක් සැරසිලිවල මිල ගණන් ඉහළ ගොස් තිබුණද, අලෙවියේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බවයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
AMA සම්මාන රැයේ BTS විශිෂ්ටතම ශිල්පියා වෙයි
Next
අල්ලස් චෝදනාවට වැලිකඩ OIC රක්ෂිත බන්ධනාගාරයට

More in Breaking News