රාජගිරිය ප්‍රදේශයේදී චීන ජාතිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර ආපසු ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තුන බැගින් අල්ලස් ඉල්ලා සිටි බවට චෝදනා ලැබූ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ජුනි 9 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අදාළ සැකකරු අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පැවැත්වෙන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළේය.




