WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

2030ට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය 12% දක්වා ඉහළට

I
Ishanka Jayasuriya
May 28, 2026 · 2 min read
192 viewsf𝕏W
2030ට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය 12% දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ දැනට 3% ක මට්ටමක පවතින ඩිජිටල් ආර්ථික දායකත්වය 2030 වනවිට 12% දක්වා ඉහළ නැංවීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පවසයි.
කොළඹදී පැවති තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයේ (ICTA) දැනුවත් කිරීමේ වැඩසටහනකදී ඔහු සඳහන් කළේ, රාජ්‍ය සේවාවන් සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරමින් කාර්යක්ෂම සහ ගුණාත්මක මහජන සේවාවක් ගොඩනැගීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බවය.
ඩිජිටල් ආර්ථික සංවර්ධනය යනු සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් ආර්ථික කාර්යක්ෂමතාව, ගුණාත්මකභාවය සහ ආදායම් වර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාවලියක් බවද ඔහු පැහැදිලි කළේය.
මෙම වැඩසටහන “මහජන සේවා ප්‍රශස්තකරණයට බලපාන ආයතනික නියමු ජාලය” ස්ථාපිත කිරීමේ පළමු අදියර ලෙස ක්‍රියාත්මක වන අතර, රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණ නිලධාරීන් දැනුවත් කිරීමද එහි කොටසක් විය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ 3/2026 චක්‍රලේඛයට අනුව “Champions Network” සඳහා සුදුසු රාජ්‍ය නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීමද මේ සමඟ ආරම්භ කර තිබේ.
ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරි වසර තුන තුළ රාජ්‍ය ආයතන අතර ගනුදෙනු බැංකු පද්ධතියක් මෙන් එකිනෙකට සම්බන්ධිත ඩිජිටල් ජාලයක් හරහා සිදුකිරීමට හැකි වනු ඇති බවය.
එසේම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය රනිල් පීරිස් මහතා PIC-NET වැඩසටහනේ අනාගත සැලසුම් පිළිබඳ දැනුවත් කරමින් සඳහන් කළේ, රාජ්‍ය සේවා සම්පූර්ණයෙන් ඩිජිටල් කිරීම මඟින් පුරවැසියන්ට එකම තොරතුරු නැවත නැවත ලබාදීමට අවශ්‍ය නොවන පද්ධතියක් ගොඩනැගිය හැකි බවයි.
මෙම වැඩසටහන ජනාධිපති කාර්යාලය, GovTech Sri Lanka, KPMG සහ Asian Development Bank යන ආයතනවල සහයෝගයෙන් ක්‍රියාත්මක වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අල්ලස් චෝදනාවට වැලිකඩ OIC රක්ෂිත බන්ධනාගාරයට
Next
අත්‍යාවශ්‍ය සේවා 15ක් ගැසට් මඟින් ප්‍රකාශයට

More in Breaking News