WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අත්‍යාවශ්‍ය සේවා 15ක් ගැසට් මඟින් ප්‍රකාශයට

I
Ishanka Jayasuriya
May 28, 2026 · 1 min read
226 viewsf𝕏W
අත්‍යාවශ්‍ය සේවා 15ක් ගැසට් මඟින් ප්‍රකාශයට
දිට්වා සුළිකුණාටුවෙන් පසු ඇතිවූ ආපදා තත්ත්වය හමුවේ සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය යටතේ ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව විදුලි බල සැපයීම, ඉන්ධන හා ගෑස් බෙදාහැරීම, රෝහල් සහ බෙහෙත් ශාලා සේවා, මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා, ජල සැපයුම් සහ ජලාපවහන කටයුතු ඇතුළු අංශ රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර තිබේ.
මීට අමතරව, ආහාර හා අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්ෂේත්‍ර සේවා, ගිලන් රථ සේවා, රාජ්‍ය බැංකු සහ රක්ෂණ සේවා, පළාත් පාලන ආයතන මඟින් සිදුකරන ජල, කසළ සහ ගිනි නිවීමේ සේවාද මෙම නියෝගයට ඇතුළත්ය.
එසේම වාරිමාර්ග, දුරකථන හා විදුලි සංදේශ, මාධ්‍ය සේවා, පහත් බිම් සංවර්ධන කටයුතු සහ කෘෂි හා කෘෂි රක්ෂණ සේවාද අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
රජය සඳහන් කළේ, මෙම සේවාවන්ට බාධාවක් ඇතිවීම වැළැක්වීම සහ ආපදා තත්ත්වය අතරතුර ජනතාවට අඛණ්ඩ සේවාවන් සැපයීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බවයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
2030ට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය 12% දක්වා ඉහළට
Next
ඉරාන - අමෙරිකා සාම අවබෝධතාවයට ට්‍රම්ප්ගෙ අනුමැතිය අද

More in Breaking News